මුරලිදරන් දේශපාලනය ගැන සැර ප්‍රකාශයක් කරයි ! | Colombocall මුරලිදරන් දේශපාලනය ගැන සැර ප්‍රකාශයක් කරයි ! - Colombocall

Hot News

මුරලිදරන් දේශපාලනය ගැන සැර ප්‍රකාශයක් කරයි !

ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් වැනි කරුණු නොව තුන්වේල ආහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බවයි මුරලිදරන් බීබීසි සමග සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ.
“මිනිස්සු මට බනියි මේකට.. ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු දෙවනුවට බලන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු.” යනුවෙන්ද මුරලිදරන් කියා සිටියා.
මෑතකදී උතුරේ 9 වියැති දැරියක් ආර්ථික ගැටලු නිසා සිය දිවි නසා ගෙන ඇති බව පැවසූ මුරලිදරන් උතුරේ කිසිදු දේශපාලකයෙකු ඒ ගැන සොයා නොබැලූ බවට ද චෝදනා කර තිබෙනවා.
උතුරට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට උතුරේ දේශපාලකයන් නගන ප්‍රකාශ ගැන අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් ප්‍රශ්න කළ ඇත්තේ උතුරට එවන් විසඳුමක් අවශ්‍ය ඇයි ද යන්නයි.
“මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය, ඒගොල්ලන්ට අයිතියි මේ රට, කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ.” යනුවෙනුයි ඔහු සඳහන් කර ඇත්තේ.