රනිල් බහුතරය පෙන්වීමට සූදානම් – බැරිනම් සියල්ල අතහරිනවා ! | Colombocall රනිල් බහුතරය පෙන්වීමට සූදානම් – බැරිනම් සියල්ල අතහරිනවා ! - Colombocall

Hot News

රනිල් බහුතරය පෙන්වීමට සූදානම් – බැරිනම් සියල්ල අතහරිනවා !

මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ නියමිත අග‍්‍රාමාත්‍ය අසුන ලබාදීමට කතානායකවරයා ගෙන ඇති තීරණය ඇතැම් පිරිස් වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය පවසනවා.
කතානායකවරයාගේ මෙම තීරණයට අනුව රටේ අග‍්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්‍ෂ මහතා යැයි පිළිගෙන ඇති බව තහවුරු වන බවටයි බොහෝ පාර්ශව පෙන්වා දුන්නේ. එවන් පසුබිමක රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම කෙතරම් සදාචාරාත්මක දැයි ඔවුන් ප‍්‍රශ්න කරනවා.
ඒ පිළිබද එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දුගෙන් කල විමසීමකදී, පාර්ලිමේන්තුවේදී වැඩි බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බවයි ඒ මහතා මෙහිදී කියාසිටියේ.
පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබද තීරණය ලැබෙන තෙක් රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටින බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරාද ප‍්‍රකාශ කළේ.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි වුවහොත් සියළු දේ අත්හරින බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ