නව අගමැති ලෙස "නාමල්" නම් කිරීමේ අදහසක් ! විස්තරය මෙන්න | Colombocall නව අගමැති ලෙස "නාමල්" නම් කිරීමේ අදහසක් ! විස්තරය මෙන්න - Colombocall

Hot News

නව අගමැති ලෙස "නාමල්" නම් කිරීමේ අදහසක් ! විස්තරය මෙන්න









පාර්ලිමේන්තු බහුතරය ඇතැයි උපකල්පනය කරමින් අගමැති ධූරය සඳහා අයෙක් යෝජනා කිරීමේ හැකියාව ජනාධිපතිට ඇති බව මෛත්‍රී පාර්ශවයේ දේශපාලකයින් පවසනවා.

මහින්ද රාජපක්ෂ පත් කරනු ලැබුවේද මේ ක්‍රියා පටිපාටිය අනුව බවද  ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් නික්ම ගිය හේතුව නිසා නව අගමැති කෙනෙකු ගේ නම  යෝජනා කීරීමේ හැකියාව නැවතත් ජනාධිපතිවරයා වෙත ලැබෙනවා.

ඒ අනුව මීලඟ නාමික අගමැතිවරයා ලෙස නාමල් යෝජනා වී ඇති බවත් තරුණයකු ලෙස ඔහුට වැඩි වැඩ කොටසක් කළ හැකි බවත් කිහිප දෙනකු පවසා තිබෙන බව ආරංචි මාර්ග දක්වනවා.

නමුත් නාමල් විරෝධී පිරිස මේ සඳහා කිසිඳු එකඟතාවයක් දක්වා නැති බවත්  ඔවුන් වැඩි දුරටත් කියා සිටිනවා. අගමැති ධූරය සඳහා අත්දැකීම්  සහිත මැදි වයසේ අයෙකු සිටීනම්  එය වඩාත් සුදුසු බව ඔවුන් වැඩි දුරටත් කියා තිබෙනවා.

අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කරන්නේ , මේ දිනවල බොහොමයක් කටකතා සහ වැරදි අර්ථකතන  පැතිරයන බැවින් ඇතැම් කරුණු සඳහා වගකීමක් ගත නොහැකි බවයි.