ඉතිහායේ පළමු වරට ෆේස්බුක් ආයතනය ශ්‍රී ලංකාවෙන් සමාව ගනී ! | Colombocall ඉතිහායේ පළමු වරට ෆේස්බුක් ආයතනය ශ්‍රී ලංකාවෙන් සමාව ගනී ! - Colombocall

Hot News

ඉතිහායේ පළමු වරට ෆේස්බුක් ආයතනය ශ්‍රී ලංකාවෙන් සමාව ගනී !





ෆේස්බුක් සමාගමේ විධායක නිලධාරීයෙකු වන රිචඩ් ඇලන් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධව ෆේස්බුක් ආයතනය විසින් වැරැද්දක් සිදුකළ බව පිළිගෙන තිබෙනවා.

ඒ ඊයේ (28) අන්තර්ජාතික නඩු විභාගයක් අතරතුරදී අදාළ නිලධාරීයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමිනුයි.

ලංකාව තුල වෛරී සහ‍ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සිය ෆේස්බුක් අඩවිය තුළ ඉවත් නොකිරීම වැරැද්දක් බවයි ඔහු ප්‍රකාශ කළ ඇත්තේ.

ජාතිවදය ප්‍රකාශ කරමින් ‍ෆේස්බුක් වෙබ් අඩවියේ සිංහලෙන් පැතිරූ ප්‍රකාශ හේතුවෙන් මුස්ලිම් පුද්ගලයන්  මිය ගි‍ය බවටද, එය  ෆේස්බුක් ආයතනයේ නීතිරීති වලට පටහැනිද? යන්න ෆේස්බුක් ආයතනයේ විධායක නිලධාරීයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වින් ටොං ප්‍රශ්න කර තිබෙනවා.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමිනුයි අදාළ විධායක නිලදාරියා මෙලෙස සමාව ගෙන ඇත්තේ.

සිංහල ජාතීන් හා මුස්ලිම් ජාතීන් අතර විරුද්ධ මත තිබුණ කාල වකවානුවක මෙවැනි ප්‍රකාශ ‍ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය වීම මඟින් ශ්‍රී ලංකාව තුළ දැඩි ජීවිත හා දේපළ හානි සිදුවූ බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.