ප්‍රධාන පාතාල නායකයින් දෙදෙනෙක් මරුමුවට ! | Colombocall ප්‍රධාන පාතාල නායකයින් දෙදෙනෙක් මරුමුවට ! - Colombocall

Hot News

ප්‍රධාන පාතාල නායකයින් දෙදෙනෙක් මරුමුවට !





එදා මෙදා තුර ජනතාවට හිසරදයක් වූ මිනීමැරුම් වංචා සඳහා සම්බන්ධ යැයි කියන ප්‍රධාන පාතාල කල්ලි නායකයන් දෙදෙනෙක් වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන පාතාල නායකයන් දෙදෙනා මරුමුවට පත් වී තිබෙනවා.

කොට්ටාව, රුක්මල්ගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසක් සිදුකළ මෙහෙයුමක් අතර වාරයේදී එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් මෙම පාතාල නායකයන් දෙදෙනා මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මීට මාස කිහිපයකට පෙර හබරකඩ වසන්ත නම් පුද්ගලයා මාතර "නිලේකා ජුවලර්ස්" ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ මංකොල්ලය මෙහෙයවූ එක් ප්‍රධාන සැකකරුවෙක් ලෙසද වනවා.

මොවුන් දෙදෙනා කොට්ටාව, රුක්මල්ගම ප්‍රදේශයට පැමිණි සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සමග ඇතිකර ගත් වෙඩි හුවමාරුවකදී මියගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා සතුව තිබී මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහ තවත් ස්වයංක්‍රිය ගිනි අවියක් සොයා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ.