පාර්ලිමේන්තුව රැස් කිරීමට ජනපති තීරණය කරයි ! මෙන්න දිනය
ලබන 05 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපති "මෛත්රීපාල සිරිසේන" මහතා පැවසූ බව "මහින්ද රාජපක්ෂ" මහතා ප්රකාශ කර සිටිනවා.
මීට පෙර හදිසියේම ජනාධිපතිවරයා අගමැතිකම මහින්ද රාජපක්ෂ වෙත පිරිනැමීම නිසා ඒ වන තෙක් අගමැති ධූරය දැරූ රනිල් වික්රමසිංහ ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.
ඒ හා සමඟම පාර්ලිමේන්තුව ලබන 16 වෙන තෙක් කල් තබන බව ප්රකාශ කළා. නමුත් රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් නොගොස් මේ මොහොත වන තෙක්ම පිරිත් පිංකමක යෙදී සිටිනවා.
නොවැම්බර් 05 දින ජන බලය රැලියක් ද සංවිධානය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.