නැවතත් පෙට්‍රල් ඩිසල් මිලෙහි වෙනසක් | Colombocall නැවතත් පෙට්‍රල් ඩිසල් මිලෙහි වෙනසක් - Colombocall

Hot News

නැවතත් පෙට්‍රල් ඩිසල් මිලෙහි වෙනසක්




පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 05කින් අඩු කිරිමට රජය විසින් තීරණය කර තිබෙනවා.

අද ( 30 ) මද්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි මෙම තීන්දුව ක්‍රියාත්මක වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේ.

ඒ අනුව මේ දක්වා රුපියල් 140 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 135ක් සහ රුපියල් 167 කට අලෙවි  වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක් ලෙස පහත වැටෙනවා.

තවද ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 111යේ සිට රුපියල් 106 ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 136 සිට රුපියල් 131 දක්වා පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.