රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගනු ලබයි ! | Colombocall රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගනු ලබයි ! - Colombocall

Hot News

රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගනු ලබයි !








පුද්ගලයින් 11 ස් දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අද (28) අධිකරණයේදී නම් කෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.


අද නඩුව අධිකරණයේදී කැඳවු අවස්ථාවේදී  රහස් පොලීසිය විසින් ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරනු ලැබුවා.

නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නඩුව 2.30 තෙක් කල් තැබීමෙන් අනතුරුව  තමන්ට අයිති රියක නැගී පිටත්ව ගිය අතර නැවත  සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු වුණා.

ඔහු මේ වන විට බන්ධනාගාර නිලධාරීන් බාරයේ රඳවා සිටිනවා.

මහේස්ත්‍රාත් අධිකරණයේදී  විභාගයට ගැනෙන නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට අධිකරණ භූමියෙන් පිටතදී පහර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධිකරණ පොලිස් මුරපොලට පැමිණිල්ලක්  දමා ඇති බව වාර්තා වෙනවා.

අද උදෑසන කැඳවු  නඩුව පස්වරු 2.30 වන තෙක් කල් තැබු අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණ පරිශ්‍රයේ සිට පිටතට පැමිණ ඇති අතර ඔහු ඡායාරූප ගතකිරීම හෝ වීඩියෝ කිරීම නොකරන ලෙසට ආරක්ෂකයින් විසින් දැනුම් දී ඇති අතර, එම අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසී සිටි එක් පුද්ගලයකු පොලිසියට බාරදී ඇති අතර පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් රාජකාරියට බාධ කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.