මෛත්රිගේ උවමනාවට මහින්ද බිලි වුණා ! | Colombocall මෛත්රිගේ උවමනාවට මහින්ද බිලි වුණා ! - Colombocall

Hot News

මෛත්රිගේ උවමනාවට මහින්ද බිලි වුණා !





ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ උවමනාවට මහින්ද රාජපක්ෂ මහතා බිලි බා ගත් බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

ඒ අද (14) පාර්ලිමේන්තු සභා වාරයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී.

තවද මෙම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පැරදවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විශාල කර්යභාර්යක් ඉටුකළ බව ද ඔවුන් සඳහන් කර සිටියා.

" පක්ෂ විතරක් නෙමෙයි ජනතාවත් රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු නොවිය යුතුයි. ඒ නිසයි අපි මහින්ද රාජපක්ෂ මහතාටත්, කැබිනට් මණ්ඩලයටත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ. පාර්ලිමේන්තුවේ ඕනෑම නීතියක් අත්හිටුවා පාර්ලිමේන්තු කටයුතු කරගෙන යන්න පුළුවන්.

රාජපක්ෂ - මෛත්‍රීට බහුතරය තිබුණානම් ස්ථාවර නියෝග අත්හිටුවීමේ නියෝග සම්මත වීම වැළැක්වීමට ඡන්දය ලබාදීමට නියමිතව තිබුණා. විශ්වාසභංග යෝජනාවට විවාදයක් පැවැත්වීමට ඉඩ තිබුණා. කුමන්ත්‍රණකරුවන් හැමදාම කළේ පාර්ලිමේන්තු වැඩකටයුතු අඩපණ කිරීමට කටයුතු කිරීමයි.

එහිදි අපි මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ බලාගෙන සිටියානම් මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන කරුණු කීමට තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්‍රණකරුවන්ගේ දැලට යටත් වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණ උවමනාවට මහින්ද රාජපක්ෂ මහතා බිලි බා ගත්තා. "

යනුවෙන් මන්ත්‍රීවරයා අදහස් දක්වා සිටියා.