පත්වූ අමාත්‍යවරු දෙදෙනෙක් එජාපයට !
අමාත්‍යවරුන් ලෙස පසුගියදා දිවුරුම් දුන් වඩිවේල් සුරේෂ් සහ වසන්ත සේනානායක යන මැතිවරුන් නැවතත් එජාපයට සහය පල කිරීමට තීරණය කොට තිබෙනවා.
අද (14) පැවැති පාර්ලිමේන්තු රැස්වීම් සැසිවාරයේදී මොවුන් නැවතත් එජාපයට සහය පල කිරීමට කැමැත්ත පල කළ බවයි වාර්තාවන්නේ.
මේ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත සේනානායක පවසා සිටියේ "මම ආණ්ඩුවට ගියේ බහුතරයක් තියෙනව කියල හිතල.බහුතරය පෙන්නන ඕන කෙන්කුට මම සහය දෙනවා. අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙනවා " බවයි.