වාහන මිල ඉහල නඟී ! වාහන ආනයනය 60% කින් පහළට ! | Colombocall වාහන මිල ඉහල නඟී ! වාහන ආනයනය 60% කින් පහළට ! - Colombocall

Hot News

වාහන මිල ඉහල නඟී ! වාහන ආනයනය 60% කින් පහළට !










ලබන වසරේ දී (2019) වාහන මිල ගණන් 10%-15% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

 ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම සහ රටේ පවතින දේශපාලනික අස්ථාවරභාවය හේතුවෙන් මෙලෙස වාහන මිල ගණන් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති "ඉන්දික සම්පත් මෙරෙන්චිගේ" මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා කියා සිටියේ රටේ මුළු වාහන අලෙවිය 60%කින් පහත වැටී ඇති බවයි.

රටේ පවතින අස්ථාවරභාවය නිසා ආර්ථිකමය වශයෙන් දරුණු කඩා වැටීමක් ඇති වී තිබෙන බවටයි බොහෝ දෙනෙක් පවසන්නේ.