කෝටි 24 ක් වටිනා මෛත්‍රී පවුලේ "නිල් දඟයා" පොලොන්නරුවෙන් මතු වෙයි ! -PHOTOS- | Colombocall කෝටි 24 ක් වටිනා මෛත්‍රී පවුලේ "නිල් දඟයා" පොලොන්නරුවෙන් මතු වෙයි ! -PHOTOS- - Colombocall

Hot News

කෝටි 24 ක් වටිනා මෛත්‍රී පවුලේ "නිල් දඟයා" පොලොන්නරුවෙන් මතු වෙයි ! -PHOTOS-








ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පවුලට අලුත් සාමාජිකයෙක් එක්වී තිබෙනවා. ඒ රුපියල් කෝටි 8 පමන වටිනා(බදු රහිතව) astonmartin DB 11   වර්ගයේ මෝටර් රථයක්. ජනාධිපතිවරයාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතාගේ පුත්‍රයා  "දිමිත්‍රි සිරිසේන" විසින් එම නව මෝටර් රථයේ ජායාරූප සිය සමාජජාල ගිණුම වෙත මුදාහැර තිබෙනවා.




රුපියල් කෝටි අටක් (බදු රහිත ) පමණ වන මෙම රථය රජයේ විශේෂ බදු සහන බලපත්‍රයක් හරහා මෙරටට ආනයන කර තිබෙනවා.

එංගලන්තයේ සුපිරි කාර් නිශ්පාදන සමාගමක් වන සමාගමේ මෝටර් රථ මිනිස් ශ්‍රමය හරහා පමනක් නිර්මාණය කෙරෙන නිසාත්, ඉහල පෙළේ ප්‍රමිතියකට අනුව නිශ්පාදනය කෙරෙන නිසාත් ඉතා ඉහළ මිලකට අලෙවි වෙනවා.

ලංකාවේ සුපිරි සල්ලිකාරයන් පවා මෙම වාහනය ගෙන්වීමට මැලිකමක් දක්වන්නේ සියයට තුන්සියයක බදු මේ මත පැටවෙන හේතුවෙන්. කෙසේ වෙතත් මෙම රථය විශේෂ බදු සහනයක් යටතේ ගෙන්වීම නිසා ලංකාවට ආනයනය කළ
"db 11" වර්ගයේ පළමු වාහනය ලෙසද මෙය ඉතිහාස ගත වෙනවා.

මෙම මෝටර් රථයේ ආගමයත් සමඟ මෛත්‍රීපාල සිරිසේන පවුල සතු සම්පූරණ වාහන වල එකතුව රුපියල් කෝටි 45 ඉක්මවන බව තතුදත් ආරංචිමාර්ග තහවුරු කරනවා.

  එමෙන්ම මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන පවුලට අයත් අරලිය හෝටල් සමූහයේ නවතම හෝටලය උනවටුන ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින අතර ඒ සදහා රුපියල් බිලියන 3ක මුදලක්ද ආයෝජනය කර තිබෙනවා.

නවතම අරලිය හෝටල් සමූහයේ පින්තූර මෙම ගිණුම හරහා බලන්න