ඉදිරිපැය 24 ඇතුළත නව අගමැතිවරයෙක් පත් කරනවා ! ජනපතිගේ ප්රකාශය මෙන්න
රට තුල ඇතිව තිබෙන දේශපාලන අර්බුදකාරී තත්වය ඉදිරි පැය 24 ඇතුලත නිමා වනු ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (14) සදහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ජෙෂ්ඨ ඇමති පිරිසක් හා අදහස් පල කරමිනුයි මේ බව සදහන් කර තිබෙන්නේ.
බොහෝ විට මෙම පැය 24 තුළ නව අගමැතිවරයෙකු ජනාධිපතිතුමන් විසින් පත් කරනු ඇති බවයි සදහන් වන්නේ.
ඒ සඳහා සුදුසුම පුද්ගලයා කවුරුන්ද යන්න මූලික කරගෙන විවිධ මත පල වෙමින් ඇති අතර අවසාන තීරණයකට මෙතෙක් එළඹීමට හැකියාවක් ලැබී නැති බවද පැවසෙනවා.