15 උදේ හමුවන්න ජනපතිගේ ආරාධනය එජාපය ඇතුළු සියලු පක්ෂ වර්ජනය කරයි | Colombocall 15 උදේ හමුවන්න ජනපතිගේ ආරාධනය එජාපය ඇතුළු සියලු පක්ෂ වර්ජනය කරයි - Colombocall

Hot News

15 උදේ හමුවන්න ජනපතිගේ ආරාධනය එජාපය ඇතුළු සියලු පක්ෂ වර්ජනය කරයි

අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු රජයට එරෙහිව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයට සහාය පළකළ පක්ෂ 
නායකයින් සියල්ලටම 15 බ්‍රහස්පතින්දා උදෑසන පාර්ලිමේන්තුව ඇරඹිමට පෙර ජනපති හමුවන්නැයි ආරාධනා කර තිබූ අතර එම හමුව මුලින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කළ අතර රාත්‍රී වාර්තා වූයේ එය එජාපය හා අනෙකුත් පක්ෂ සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බවයි.
හිටපු ඇමති රාජිත සේනාරත්න දන්වා ඇත්තේ කතානායකගේ ලිපියට පිලිතුරු ලෙස ජනපතිවරයා රාත්‍රී නිකුත් කළ ලිපිය දැකගැනීමෙන් පසු ජනපතිගේ ස්ථාවරය පැහැදිලි බවත් ඒ නිසා හමුවීම පලක් නැති බව තීරණය කළ බවත්ය.
එජාපය ඒ අනුව හෙට උදෑසන ජනපති හමුනොවන අතර අනෙක් පක්ෂද එය අනුගමනය කරන බව දන්වා ඇතැයි හිටපු ඇමති රාජිත දන්වා ඇත.