රැඳවුම්භාරයේ සිටින කොටි ත්‍රස්තයින් 110 ක් නිදහස් කිරීමට වාසුදේවගෙන් කැබිනට් පත්‍රිකාවක් ! | Colombocall රැඳවුම්භාරයේ සිටින කොටි ත්‍රස්තයින් 110 ක් නිදහස් කිරීමට වාසුදේවගෙන් කැබිනට් පත්‍රිකාවක් ! - Colombocall

Hot News

රැඳවුම්භාරයේ සිටින කොටි ත්‍රස්තයින් 110 ක් නිදහස් කිරීමට වාසුදේවගෙන් කැබිනට් පත්‍රිකාවක් !









රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 110 ක්‌ වහා නිදහස්‌ කිරීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කරන බව සංහිඳියා අමාත්‍ය වාසුදේව නානායක්‌කාර මහතා අම්පාරේ පැවැති ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ රැස්‌වීමක්‌ අමතා ප්‍රකාශ කර තිබෙනවා.

ලයන් එයාර් යානාවකට මිසයිල ප්‍රහාර එල්ල කර මගීන් 48 ක්‌ මරා දමමින් හමුදා භටයන් 27 ක්‌ මරා පුළුස්‌සා දැමීම සහ වෙනත් බිහිසුණු යුද අපරාධ සිදු කිරීම සම්බන්ධව මෙම හිටපු කොටි ක්‍රියාකාරීන්අ අත්අඩංගුවේ පසු වෙනවා.

වාසුදේව නානායක්‌කාර මහතා ඉදිරිපත් කරන මෙම කැබිනට්‌ පත්‍රිකාව මත එම හිටපු කොටි නිදහස්‌ කිරීමට රජය එකඟ වුවොත් ඔවුන්ට එරෙහි යුද අපරාධ චෝදනා අහෝසි වෙනවා.

බිහිසුණු කොටි නිස්දහස්‌ කිරීමට ඉදිරිපත්වීම මෙරට හමුදාව පාවා දීමක්‌. කොටි දෙදෙනකු මරා දැමූ බවට චෝදනා එල්ල වී මරණ දඬුවම නියම වූ හමුදා නිලධාරීන් දෙදෙනාට ද අසාධාරණයක්‌ සිදුවෙනවා යෑයි ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවසීය.

වාසුදේව නානායක්‌කාර මහතා සහභාගි වූ මෙම රැස්‌වීමට අම්පාර ශ්‍රීලනිප සංවිධායක ජෙයචන්ද්‍රන්ද සහභාගි වී තිබෙනවා.