පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අත්සන් තබයි ! මහමැතිවරණයක් අත ළඟ ! ගැසට් එක මෙන්න | Colombocall පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අත්සන් තබයි ! මහමැතිවරණයක් අත ළඟ ! ගැසට් එක මෙන්න - Colombocall

Hot News

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අත්සන් තබයි ! මහමැතිවරණයක් අත ළඟ ! ගැසට් එක මෙන්න





පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට මුදා හැර තිබෙනවා.

පාර්ලිමේන්තු බහුතරයක් පෙන්වීමට නොහැකි වූ නිසා මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ඇතැයි බොහෝ දෙනකුගේ මතය වී තිබෙනවා.

 මේ අතරම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්  පත් කරනු ලැබූ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු නොගිය එකම අගමැතිවරයා ලෙසද ඉතිහාස ගත වන බව බොහෝ දෙනෙක් පවසනවා.

දැනට ආරංචි මාර්ග පවසන ලෙසට මහමැතිවරණයක් පවත්වන්නේ ලබන ජනවාරි 05 වනදා වෙනවා.


මේ අතරම 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කිසිඳු හැකියාවක් නොමැති බවත් ඒ පිලිබඳ මතය ශේෂ්ඨාධිකරණයෙන් විමසීමට ජනාධිපතිවරයාට නියෝජිතවරයකු එවීමට සිදු වන බවත් ඇතැමුන් කියා සිටිනවා.

එම ගැසට් පත්‍රය පහතින්