සියළු කාර්යයාලීය වැඩ නවතා මත්පැන් බී ආතල් ගන්නා ලංකාවේ රාජ්‍ය ආයතනයක් ! -VIDEO- | Colombocall සියළු කාර්යයාලීය වැඩ නවතා මත්පැන් බී ආතල් ගන්නා ලංකාවේ රාජ්‍ය ආයතනයක් ! -VIDEO- - Colombocall

Hot News

සියළු කාර්යයාලීය වැඩ නවතා මත්පැන් බී ආතල් ගන්නා ලංකාවේ රාජ්‍ය ආයතනයක් ! -VIDEO-










ඛණිජ තෙල් නීතීගත සංස්ථාවට අයත් කුරුණෑගල පළාත් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මත්පැන් පානය කරමින් ගී ගයමින් නර්තනයේ යෙදෙන වීඩියෝ දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන්  ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාළ පළාත් කාර්යාලය භාරව සිටි නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම එම අවස්ථාවේ කාර්යාලයේ සිටි අනෙක් නිලධාරීන් සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

රහසිගතව කැමරාවේ සටහන් කරගත වීඩියෝව පහළින් නරඹන්න