මුරුංගා කොළ මල් මාලයක් නිසා දකුණු පළාත් සභාව උණුසුම් වෙයි ! VIDEO | Colombocall මුරුංගා කොළ මල් මාලයක් නිසා දකුණු පළාත් සභාව උණුසුම් වෙයි ! VIDEO - Colombocall

Hot News

මුරුංගා කොළ මල් මාලයක් නිසා දකුණු පළාත් සභාව උණුසුම් වෙයි ! VIDEO









දකුණු පළාත් සභාව අද (9) රැස්වු අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා මුරුංගා කොළ මිටියක් රැගෙන සභා ගර්භයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී සභා ගර්භයෙන් පිටතදී එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එය වැළැක්වීමට උත්සාහ කිරිමත් සමඟ දෙපිරිස අතර සිදුවීමට ගිය ගුටිබැට හුවමාරුවක් වෙනත් තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ මැදිහත් වීමෙන් වළක්වා ගනු ලැබීය.

පසුව චන්න සාලිය මන්ත්‍රීවරයා සභාවට පැමිණ අසුන් ගත් අවස්ථාවේ සභානායක "චම්ලි විතානාච්චි" මහතා පැවසුවේ "සාලිය මෙන්ඩිස්" මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පහරදී ඇති බවයි.

එනිසා ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසද සභානායකවරයා ඉල්ලා සිටියේය.

මෙහිදි එජාප මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා පහරදීමක් සිදුවුයේ නැති අතර ගහ ගැනීමට අවශ්‍ය නම් එළියේ දී හමුවෙමු යයි කියා සිටියේය. මෙහිදි දෙපාර්ශවය අතර උණුසම් වචන හුවමාරුවක් සිදුවු අතර පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කිහිප දෙනෙකු එජාපයේ මන්ත්‍රීවරුන් දෙසට ගමන් කිරිමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද අසුන් වලින් නැගිට සභා ගර්භය මැදට පැමිණියේය. එහිදි දෙපිරිසම එක පොදියට පොර බැදිමට පටන් ගත්හ.

මෙම අවස්ථාව් ගැලරියේ සිටි පාසල් ළමයින් ඇතුළු පිරිස ඉවත්ව ගිය අතර සභාව පාලනය කර ගැනිමට නොහැකිවු සභාපතිවරයා විනාඩි පහළොවකට සභාව කල් තැබිය.
යළිත් සභාව රැස්වු අවස්ථාවේ සභාපතිවරයා මන්ත්‍රිවරුන්ට දැඩි ලෙස අවවාද කරමින් මින්පසු කිසිම දෙයක් සභාව තුලට ගෙනාවොත් විනයානුකූලව ක්‍රියා කරන බව පැවසිය. මෙම සිද්ධිය ගැන තමා කණගාටු වන බවත් මන්ත්‍රිවරුන් සියලුදෙනාම ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටියේය.