කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී වාහන කුඩු කරන චන්ඩි -VIDEO- | Colombocall කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී වාහන කුඩු කරන චන්ඩි -VIDEO- - Colombocall

Hot News

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී වාහන කුඩු කරන චන්ඩි -VIDEO-



මෙරට තුල මේ වනවිට taxi සේවාවන් රැසක් ක්‍රියාත්මක වන අතර එමගින් අඩු මුදලකට මගීන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
Pick me, Uber,Cangaroo,Budjet taxi වැනි නාම වලින් ක්‍රියාත්මක මෙම සේවා වල තරඟකාරී බව හේතුවෙන්ද ජනතාවට අඩු මුදලට සිය සේවා ලබා දීමට එම ආයතන හැඩ ගැසී තිබෙනවා.  කෙසේ හෝ ජිවන වියදම දිනෙන් දින ඉහල යන වර්තමානයේ කියක් හෝ අඩුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකියාව ඇත්නම් සාමාන්‍ය මිනිස්සුන්ට එය විශාල අස්වැසිල්ලක්.
කෙසේ වෙතත් කවුරුත් දන්නා කටුනායක ගුවන් තොටුපොල තුල ක්‍රියාත්මක කුලී රථ සේවයේ රියදුරන්  (BIA Taxi Service) අනෙකුත් taxi සේවා වලට ගුවන්තොටුපොළ වෙත පැමිණීම තහනම් කරමින් මැර තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල තුල ප්‍රචාරය වෙමින් පවතිනවා.
 ඉතා වැඩි මුදලකට සේවාව සපයන මොවුන් අඩු මුදලකට ජතාවට සේවය සපයන වෙනත් සේවාවන් වලට මර තර්ජනය කරමින් තමන් පමණක් රජ වන්නට දඟලන්නේ කාගේ හයිය අරගෙනද යන්න සොයා බැලිය යුතුය. 
ඔවුන් ජනතාවට හොඳ ලාභදායි  සේවයක් සපයන්නේ නම් අනෙකුත් රියදුරන් එලවාගන්නේ කුමටද?
රටේ ජාත්‍යන්තර ගුවන් තොටුපල හා ගුවන් සේවය භාවිතා කරන දෙස් විදෙස් මගින්ට සේවය සපයන ස්ථානයක, මෙවන් කටයුතු වලට නිතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි.