නාමල් කුමාරගේ අලුත්ම හෙළිදරව්ව මෙන්න ! -VIDEO-
රටේ සිදුවූ දේශපාලන වෙනසට විශාල හේතුවක් වූයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීමට සිදු වූවා යැයි කියන කුමන්ත්රණයයි. මෙම ඝාතන උත්සාහය පිළිබදව හෙළිදරව් කළේ නාමල් කුමාර ය. වත්මන් රටේ සිදුවූ දේශපාලන වෙනසට නාමල් කුමාරගේ හෙළිදරවු බොහෝ පිටුවහල් වූ බව පැවසෙනවා.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝධී බලකායේ අධ්යක්ෂ නාමල් කුමාර දැන් හෙළිකරනවා.
සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටිනවා.
තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කළා.
නමුත් සමාජයේ බොහෝ දෙනකු පවසන්නේ "නාමල් කුමාර වැනි අයකු සමඟ දේශපාලන යෝධයන් ඝාතනයට කිරීම උදෙසා කතා කරාවිද ?" මෙය හුදෙක්ම මෛත්‍රීපාල මහින්ද සමඟ හවුල් වීම උදෙසා ගොතා කියවගන්නා කතාවක් වන බවයි.