ව්‍යාජ නමින් ෆේස්බුක් ගිණුම් පවත්වා තරුණියන්ගේ නිරුවත් රූප ගෙන්වාගත් තරුණයා ගායකයාගේ අතටම හසු වූ පසු වැඳ වැටෙයි ! -VIDEO- | Colombocall ව්‍යාජ නමින් ෆේස්බුක් ගිණුම් පවත්වා තරුණියන්ගේ නිරුවත් රූප ගෙන්වාගත් තරුණයා ගායකයාගේ අතටම හසු වූ පසු වැඳ වැටෙයි ! -VIDEO- - Colombocall

Hot News

ව්‍යාජ නමින් ෆේස්බුක් ගිණුම් පවත්වා තරුණියන්ගේ නිරුවත් රූප ගෙන්වාගත් තරුණයා ගායකයාගේ අතටම හසු වූ පසු වැඳ වැටෙයි ! -VIDEO-











ජනප්‍රිය ගායකයකු ගේ නමින් ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් පවත්වාගෙන ගිය තරුණයකු අතටම හසු කර ගැනීමට  හැකි වී තිබෙනවා.

 බොහෝ කලක පටන් ගායකයාගේ නමින් පෙනී සිටිමින් ගැහැණු ළමුන්ගේ නිරුවත් පින්තූර ගෙන්වා ගනිමින් විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්  මොහු මෙම ගිණුමෙන් සිදු කර ඇති බව වාර්තා වෙනවා.

 මෙම තරුණයා ආබාධිත තරුණයෙක් වෙන අතර ඒ බව සලකා කළාකරුවා විසින් මොහු  ලවා සමාජයෙන් සමාව ඉල්වා නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අවස්ථාවේ එම තරුණයා වැඳ සමාව ගෙන තිබෙනවා. කළාකරුවන් බොහෝ දෙනකුට පොදු ප්‍රශ්නයක් වී ඇත්තේ තමාගේ නමින් ව්‍යාජ ෆේබුක්, ඉන්ස්ටර්ග්‍රෑම් , ආදී සමාජ භාවිතා වීමයි.

 මීට පෙර දිනයක ජනප්‍රිය ගායක සඳුන් පෙරේරා ද ඔහුගේ සැබෑ ෆේස්බුක් ගිණුමෙන් සජීවීව පැමිණ කියා සිටියේ ඔහුගේ නමින් ව්‍යාජ ගිණුම් පවත්වන්නන් නිසා නීතිමය ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදු වූ බවයි. තව දුරටත් ඔහු කියා සිටියේ  අනුන්ගේ දරුවකු පවා ඔහුට බාර ගැනීමට සිදුවන තත්වයක් උද්ගත වී තිබූ බවයි.

කෙසේ නමුත් බොහෝ දෙනකුට මෙය බරපතල ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.  එම තරුණයා අතටම හසු කරගත් අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න