විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් කොමිස් ඉල්ලූ "සුජීව සේනසිංහ" ගේ රෙදි ගැළවෙන වීඩියෝවක් අන්තර්ජාලයට- VIDEO- | Colombocall විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් කොමිස් ඉල්ලූ "සුජීව සේනසිංහ" ගේ රෙදි ගැළවෙන වීඩියෝවක් අන්තර්ජාලයට- VIDEO- - Colombocall

Hot News

විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් කොමිස් ඉල්ලූ "සුජීව සේනසිංහ" ගේ රෙදි ගැළවෙන වීඩියෝවක් අන්තර්ජාලයට- VIDEO-








විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අනුමත කිරීම පිණිස රාජ්‍ය ඇමැති "සුජීව සේනසිංහ" මහතා එම සමාගමේ ප්‍රාග්ධනයෙන් සියයට 10ක කොටසක් කෙළින්ම ඉල්ලා සිටි බව "හයිස්පීඩ් රේල්වේස් සමාගම" කියා සිටියා.

" සුජීව සේනසිංහ" නියෝජ්‍ය ඇමැතිවරයා "ආරියසිංහ" නමැති අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරගෙන ඉතාලියේ වාණිජ මණ්ඩලයේදී 2017-10-17 වැනි දින හමු වී මෙම ව්‍යාපෘතියේ ආයෝජකයන් වෙනම කාමරයකට කැඳවා ගෙන ගොස් , මේ පිළිබඳව කතා බහ කර තිබෙන බවත් මේ කතා බහ සිදුව තිබෙන්නේ රාජ්‍යතාන්ත්‍රික හමුවක් ලෙසට බවත් මෙහිදී ව්‍යාපාරික කාඩ්පත් හුවමාරු කරගෙන තිබෙන බවත් "හයිස්පීඩ් රේල්වේ සමාගම" කියයි.

මේ හමුවේදී රාජ්‍ය ඇමැතිවරයා ඔහු පෞද්ගලික නියෝජිතයකු සම්බන්ධ කර ඔහුට කතා කරන්නැයි දැනුම් දෙන අතර සේනසිංහ මහතා මුල් අවස්ථාවේදී තම සමාගමේ ඉන්දික අනුරුද්ධ සහ ඇන්ටන් දේශප්‍රිය දෙදෙනා වෙනමම සම්බන්ධ කර ගෙන සියයට 10ක කොටස් කෙළින්ම ඉල්ලා තිබෙන බවත් සමාගම දැඩි ලෙසට සඳහන් කරයි.

මෙම සාකච්ඡාවට අදාළ වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබේ. රාජ්‍ය ඇමති "සුජීව සේනසිංහ" මෙම වීඩියෝවේදී අදාල අයෝජකයන් සමග සාකච්චාවක නිරත වන අයුරු දැක්වෙයි. විදුලි දුම්රිය ගැනද එහිදී සාකච්චා කරන ඔහු මාසයක් අතුලත අනුමැතිය ගෙන දෙන බවත් ඉදිරි කටයුතු තමනට whatsApp කරන ලෙසත් කියයි‍.

වීඩියෝව පහතින් බලන්න.