හිරුණිකා "රංගන" ගේ රෙදි ගලවයි ! සම්පූර්ණ වීඩියෝව මෙන්න -Video- | Colombocall හිරුණිකා "රංගන" ගේ රෙදි ගලවයි ! සම්පූර්ණ වීඩියෝව මෙන්න -Video- - Colombocall

Hot News

හිරුණිකා "රංගන" ගේ රෙදි ගලවයි ! සම්පූර්ණ වීඩියෝව මෙන්න -Video-








දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කරගැනීමට සුදානම් බවට මාධ්‍ය මගින් පලවූ පුවත අසත්‍ය බව හිරුණිකා මන්ත්‍රීරීවරිය ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

වරප්‍රසාද ප්‍රශ්ශ්නයක් නගමින් අදහස් දැක්වූ හිරුණිකා මන්ත්‍රීවරිය කියා සිටියේ තමා වරදක් නොකර ඇති බැවින් කිසිදිනක එම වැරුද්ද පිළි නොගන්නා බවයි.

විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥයින් කැඳවමින් නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කරගැනීම සඳහා සමථයකට පත්වීමට කැමතිදැයි විමසූ බවත් එතනින් එහාට කිසිවක් කතා නොකළ බවත් උසාවිය තුලදී සිදු වුනේ කුමක්දැයි යන්න පැහැදිලි කරමින් ඇය පවසා සිටියා ය. මෙම සිද්ධිය යොදාගෙන ඇය වරද පිළිගැනීමට කැමති වූ බව මාධ්‍යවේදීන් කිසිදු විමසා බැලීමකින් තොරව වාර්තා කර ඇති බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රරණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

මීට අමතරව අද දිනයේ ප්‍රධාන පුවත්පත් වල මගනැගුම සුබසාධක ගිණුමකින් හිරුණිකා මන්ත්‍රීරිවරයට කෝටි 02ක් ලබාදුන් මුදලක් සම්බන්ධයෙන් පළවු පුවතක් සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරිය ඉතාමත් ආවේගයෙන් අදහස් දක්වා සිටියා ය.
ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ කිසිදු ප්‍රධාන මාධ්‍යක පුවත් පිළිගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවත් හිතු මතේ පල කරන මෙවැනි මාධ්‍ය වාර්තා නිසා ඇගේ පමණක් නොව සියල්ලන්ගේම චරිතය කිසිදු වරදක් නොමැතිව වුවත් ඝාතනය වීමේ තර්ජනයකට ලක්ව ඇති බවයි.

 මන්ත්‍රීවරිය හිරු නාලිකාවේ "පත්තරේ විස්තරය" වැඩසටහන සිදුකරන රංගන වෙත දැඩි දෝෂාරෝපණයක් සිදු කරනු ලැබුවා.ඊට හේතුව වී තිබුණේ මන්ත්‍රීවරිය සම්බන්ධ බොරු චෝදනා පත්තරය තුළින් ඉදිරිපත් කරද්දී රංගන විසින් ඇඟ කිළිපොලායනවා ලෙස ප්‍රකාශ කිරීමයි. තවද "ඇඟ කිළිපොලා යා යුත්තේ මහමඟ මිනිසුන් 4 දෙනකු මරද්දී, තමන්ගේ කාර්යාලයට මවක් සහ දියණියක් ගෙන්වා දූෂණය කරද්දී ,ඒ වගේම හිරු නාලිකාවේ ප්‍රධානියාගේ බිරිඳ ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ නිදිවදිද්දී " යනුවෙන් කියා සිටියා. එම සම්පූර්ණ  වීඩියෝව පහළින් නරඹන්න.