එජාප රැළියේ නොදුටු දසුන් මෙන්න ! -PHOTOS- | Colombocall එජාප රැළියේ නොදුටු දසුන් මෙන්න ! -PHOTOS- - Colombocall

Hot News

එජාප රැළියේ නොදුටු දසුන් මෙන්න ! -PHOTOS-









හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ දී පවත්වා අවසන් කෙරුණා.

 ඒ වගේම මෙම පා ගමන සහ උද්ඝෝෂණය මහජනයාට පීඩාවක් හා මාර්ග අවහිර නොවන අයුරින් සිදුකරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (30) නියෝගයක් ද නිකුත් කර තිබුණා.

තවද උද්ඝෝෂකයින්ට රජයේ දේපළවලට ඇතුල්වීම වළකාලමින් ද නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු සංවිධායකයින් වෙතයි ලබා දී තිබුණේ. මෙම නියෝගය නිකුත් කළේ බොරැල්ල පොලිසිය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමේන් අනතුරුවයි.

මේ අතර පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව අද කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2000 ක්, රථ වාහන හැසිරවීමට 600 ක් හා STF කණ්ඩායම් 10 ක් යොදවා ඇති බවත්  වාර්තා වෙනවා.