වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු විවෘත වුණු හැටි ! ඉතා දුර්ලභයි (PHOTOS)
වික්ටෝරිය ජලාශයේ ස්වයංක්‍රිය දොරටු අටෙන් දෙකක් ඊයේ (24) දින රාත්‍රි 7.30 ට පමණ විවෘත වුණා.
මධ්‍යම කදුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමග මෙසේ වික්ටෝරිය ජලාශය වාන්දැමීමට පටන්ගෙන තිබෙන බවයි ආරංචි වෙන්නේ.
වික්ටෝරියා ජලාශය වාන් දැමීමත් සමගම ඉදිරි පැය කීපයක් ඇතුලත රන්දෙණිගල ජලාශය ද වාන් දැමීමට ඉඩතිබෙන බවයි ජලාශ භාර නිලධාරීන් පැවසුවේ.