ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරන රටවල් අතරින් දූෂිතම රට ශ්‍රී ලංකාව ! " ICC " කියූ දේ මෙන්න | Colombocall ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරන රටවල් අතරින් දූෂිතම රට ශ්‍රී ලංකාව ! " ICC " කියූ දේ මෙන්න - Colombocall

Hot News

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරන රටවල් අතරින් දූෂිතම රට ශ්‍රී ලංකාව ! " ICC " කියූ දේ මෙන්න







ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් අතරින් ‍ ශ්‍රී ලංකාව තරඟ පාවා දීම් අතින් දූෂිතම රට යයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. පසුගිය ඉරිදා දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග වූ සාකච්ඡාවකදී මෙම අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.

මෙකී තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි තමන් සතු බව ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල බලධාරීන් විසින් මෙරටට ආයතනය වෙත දන්වා ඇති බවද සදහන්ය.

ඉදිරියෙහි දී ද මෙම තත්වය පැවතුණත් ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වයෙන් ඉවත් කිරීමට සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන මූල්‍ය ආධාර කපා හැරීමට සිදුවන බවත් වැඩිදුරටත් දන්වා ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බරපතල තත්ත්වයක ඇති බවත් තරග පාවා දුන් ක්‍රීඩකයින්ට නීතිය ක්‍රියාත්මක වෙන බවත්  ICC   ය තමන්ට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කළා.

ඔවුන්ගේ දූෂණ මර්දන ඒකකයේ ශාඛාවක් මෙරට ස්ථාපිත කිරීමට තමන්ගෙන් විමසූ බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.

ක්‍රිකට් ආයතනයේ අද (03) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයටද තමන් මේ පිළිබඳ දැනුම් දුන් බවද කියා සිටියා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකු මෙරටට පැමිණ ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද තමන් එම ඒකකයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බවයි ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

තරග පාවා දෙන ක්‍රීඩකයින්ට දඩුවම් පැමිණිය හැකි ආකාරයට එම කටයුතු මෙරට ක්‍රිකට් නීති රාමුවට එක් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසද තමන් එම ඒකකයෙන් ඉල්ලීමක් කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.

මෙය කාලීන අවශ්‍යතාවක් බැවින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ශාඛාවක් මෙරට ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා තමන් ඊට එකගතාව පළ කළ බවද පෙන්වා දුන්නා.