නාමල් ට තවත් නඩුවක දින නියමවේ ! | Colombocall නාමල් ට තවත් නඩුවක දින නියමවේ ! - Colombocall

Hot News

නාමල් ට තවත් නඩුවක දින නියමවේ !










  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 15ක මුදල නාමල් රාජපක්ෂ "Consuitancy" සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල මාර්තු මස 7 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව ඊයේ (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ එම පරීක්ෂණවලට අදාළ වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපති  උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

ඒ අනුව පැමිණිල්ල මාර්තු මස 7 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලීසියට දැනුම් දුන්නේය.