වර්ෂාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හරස් වෙයි! - මාලිංගගෙන් තවත් වාර්තාවක් | Colombocall වර්ෂාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හරස් වෙයි! - මාලිංගගෙන් තවත් වාර්තාවක් - Colombocall

Hot News

වර්ෂාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හරස් වෙයි! - මාලිංගගෙන් තවත් වාර්තාවක්






ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරගය අද (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබුවා.

පැවති වර්ශාව හේතුවෙන් දඩක්වත් සහ ලූවිස් න්‍යාය හේතුවෙන් ලකුණු 31 ක ජයක් එංගලන්තය විසින් හිමිකරගනු ලැබුවද ලොව සුපිරිම එක්දින කණ්ඩායම සමග විශිෂ්ට සටනක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වනු ලැබුවා.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගත්තා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 09ක් දැවී ලකුණු 278ක් රැස් කළා. නායක ඔයින් මෝගන් ලකුණු 92යි. ජෝ රූට් ලකුණු 71ක් රැස් කළා. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 44 කට බිඳ හෙළු කඩුළු සංඛ්‍යාව 05ක්.

මෙහිදී තරගයේ සිය හත්වන පන්දුවාරය යැවූ ලසිත් මාලිංග අන්තර්ජාතික කඩුලු 500 සීමාවට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්. පිට පිට කඩුලු දෙකක් ලබා ගත් මාලිංග, 42 වන පන්දුවාරයේ පස්වෙනි පන්දුව යවමින් මොයින් අලි දවාගෙන මෙම දක්ෂතාවය කෙරෙහි ළඟාවනු ලැබුවා. මාලිංග යැවූ වේගය අඩාල කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් මොයින් අලී දැවී යාමට ලක්වුවා.

ලකුණු 279ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු යුගලට සාර්ථක වන්නට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. උපුල් තරංග ලකුණු නොලබා දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 09කට දැවී ගියා. නායක දිනේෂ් චන්දිමාල් ද රැස් කළේ ලකුණු 06ක් පමණයි.

ශී‍්‍ර ලංකා ඉනිම නැවතත් ගොඩනැගීමට උත්සහ කළ තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා 06වන කඩුල්ලට ලකුණු 66ක නොබිඳුනු සබඳතාවක් ගොඩ නැගුවා. තිසර පෙරේරා නොදැවී ලකුණු 44ක් රැස්කළේ 06යේ පහර 03ක්ද සමගින්. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 36ක් රැස් කළා.

කෙසේවෙතත් වර්ෂාව හේතුවෙන් 29වන පන්දු වාරයේදී තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 140ක්. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ එංගලන්ත නායක ඔයින් මෝගන්.