එජාප මන්ත්‍රීවරු හදිස්සියේ රැස්වෙයි!
එකසත් ජාතික පක්ෂය අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වන අතර, පවතින දේශපාලන ව්‍යාකූලතා සහ ආර්ථික ගැටළු පිළිබඳ මෙහිදී අවධානය යොමු වනු ඇතී. මේ වනවිට විදේශ සංචාරයක යෙදී සිටින අගමැතිවරයා අද මව්බිමට පැමිණීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව මෙම රැස්වීම පවත්විමට නියමිතයි.
අරලියගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වීමට මුලින් නියම කර තිබුණත් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.