එජාපය අද අරලියගහ මැදුරෙන් එළියට ! | Colombocall එජාපය අද අරලියගහ මැදුරෙන් එළියට ! - Colombocall

Hot News

එජාපය අද අරලියගහ මැදුරෙන් එළියට !





අලුතෙන් පත්කළ ආණ්ඩුව නීති විරෝදී බව හා එය ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් එක්සත් ජාතික පාක්ෂිකයින් අද (30) දිනයේ කොළඹට රැස්වීමට නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් ආණ්ඩුවට විරෝධය පල කිරීම සඳහා කොල්ලූපිටිය මංසන්ධියේදී අද  ජනතා විරෝධයක් සිදු කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක පවසා සිටියා.

මේ අනුව අද දහවල් 12.00ට කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම අසලින් යුක්තියේ හඬ නගන ජන බලය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර ද මේ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (29) අදහස් ප්‍රකාශ කරනු ලැබ සිටියා.  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පනස්දහසකට වැඩි පිරිසක් කොළඹට රැස් වන බව ඔහු කියා සිටියා.

මේ හේතුවෙන් කොල්ලූපිටිය සහ අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.