රහසේ පවත්වාගෙන ගිය ගංජා හේන පොලිසිය වටලයි!
කොස්ලන්ද උස්සැල්ලාව වනාන්තරයක පවත්වාගෙන ගිය ගංජා හේනක් ඊයේ (08) රාත්රීයේ පොලිසිය විසින් වැටලීමට ලක් කර තිබෙනවා.
දියලුම දිය ඇල්ලේ ජලය ගලායන ඔයක ඉවුරේ වනාන්තරයක් මැද පවත්වාගෙන ගිය මෙම ගංජා හේන තුල තිබූ ගංජා පැළ 950 ක් නිලධාරින් විසින් ගලවා ඉවත් කර ඇති අතර, පැල කිපයක් නඩු භාණ්ඩලෙස තබාගෙන ඉතිරිපැළ එම ස්ථානයේම ගොඩගසා ගිනිතබා විනාශකළ බව කොස්ලන්ද පොලිසිය කියා සිටියා.
මේ සම්බන්ධයෙන් සැකපිට ප්රදේශයේ 27 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එස්. දයාසිරි මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.