දකුණු කොරියාවේදී ශ්‍රී ලංකික තරුණයෙකු අත්අඩංගුවට! | Colombocall දකුණු කොරියාවේදී ශ්‍රී ලංකික තරුණයෙකු අත්අඩංගුවට! - Colombocall

Hot News

දකුණු කොරියාවේදී ශ්‍රී ලංකික තරුණයෙකු අත්අඩංගුවට!





දකුණු කොරියාවේ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ ඇති වූ පිපිරීමක් සම්බන්ධව ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයක් මෙසේ පිපිරීමට ලක් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ පසු කොරියානු ආරක්ෂක අංශ විසින් ඊයේ(08) දිනයේ ඊට සම්බන්ධ බවට සැකපිට ශ්‍රී ලාංකිකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මොහු විසින් යැවූ අහස් කූරක් අදාළ ගබඩා සංකීර්ණය පිහිටි භූමියට පතිත වී ඒ සමඟ ඇති  වූ ගින්න හේතුවෙන් එම තෙල් ටැංකිය පුපුරා ගොස් තිබෙන බවයි එරට ආරක්ෂක අංශ පවසා සිටින්නේ. මේ හේතුවෙන්  තෙල් ගබඩා සංකීර්ණයේ ඉන්ධන ලීටර් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ශ්‍රී ලාකිකයා 27 හැවිරිදි තරුණයෙකු වන අතර, මේ වන විට ඔහු දකුණු කොරියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටිනවා.