ජනාධිපති උත්සව අධ්‍යක්ෂක "රුවන් එදිරිසිංහ" අත් අඩංගුවට ! මූල්‍ය වංචා සියල්ල හෙළිවේ !
ජනාධිපති කාර්යාලයට අනුබද්ධව, "ජනාධිපති උත්සව අධ්‍යක්ෂක" වශයෙන් රාජකාරි කළ "රුවන් එදිරිංහ" මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මෙසේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ රජයේ ටෙන්ඩර් පටිපාටියට පරිබාහිරව ක්‍රියාකරමින් මූල්‍ය වංචාවක් සිදුකිරීමේ චෝදනා මතයි.
පසුගිය සමයේදී ජනාධිපති කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් බොහෝ දෙනෙකුට අල්ලස් හා දූෂණ චෝදනා එල්ල වූ අතර , එය එම කාර්යාලයේ පරිපාලන ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ද වාර්තා වෙනවා.