විදුලි බිලටත් මිල සූත්‍රයක් ! විස්තරය මෙන්න | Colombocall විදුලි බිලටත් මිල සූත්‍රයක් ! විස්තරය මෙන්න - Colombocall

Hot News

විදුලි බිලටත් මිල සූත්‍රයක් ! විස්තරය මෙන්න






ශ්‍රී ලංකා රුපියල කඩා වැටීමට හේතුව ඩොනල්ඩ් ට්‍රම්ප් නොවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ අසාර්ථක ආර්ථික හැසිරවීම බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි එස්බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටී. ඔහු එසේ පැවසුවේ පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රය ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී එස්.බී. දිසානායක මහතා මෙසේද පැවැසීය.

අද වන විට රුපියල ලෝක මුදල් භාවිතයෙන් අවලංගු වෙමින් පවතිනවා. මෙවර අය-වැය ඉදිරිපත් කරන්න යන්නේ රුපියල් බිලියන 644 ක අය-වැය හිඟයක් සමඟයි.

නොසැලකිල්ල නිසාම අපනයන ආදායම වැඩි කරගන්න ආණ්ඩුව අසමත් වෙලා. ජී.එස්.පී. බදු සහනය දුන්නත් ආර්ථිකය හසුරුවන අගමැතිවරයාටත් මලික් සමරවික්‍රම ඇමැතිවරයාටත් එහි වාසිය මේ රටට අරගෙන දෙන්න නොහැකි වී තිබෙනවා.

අපේ රටේ මාළු පිටරට යවන්නෙ කොහොමද? පුත්තලම, හලාවත ප්‍රදේශවල හෙක්ටයාර් 4000ක ඉස්සො ගෙවිපළවල් වසා දමලා. තේ කර්මාන්තයත් ආරක්ෂා කර ගන්න බැරි තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ ගැන මේ දිනවල කතා වෙනවා. මේවා සංචාරක කර්මාන්තයටත් බලපානවා. ජාතික ආර්ථික සභාවක් පත්කර තිබුණත් එහි සභාපති මහාචාර්ය ලලිත් සමරකෝන්ට අගමැති ඉඩ දෙන්නෙ නැහැ.

අගමැතිට මහාචාර්යවරුන් නයාට අඳු කොළ වගයි.

විදුලි බිලට මිල සූත්‍රයක් ගෙන ඒමට සූදානමක් තිබෙනවා. පසුගිය සතියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් සූදානමක් තිබුණා. මේ ආණ්ඩුව යටතේ ආයෝජන වැඩි වන බවට කීවත් තිබෙන ආයෝජනත් විදේශිකයන් අරගෙන යනවා. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් වුණොත් ආයෝජන වැඩිවෙලා ආර්ථිකය ශක්තිමත් වීමට ඒක හේතුවක් වෙනවා. ආර්ථිකය හදනවා කියල බලයට ආපු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තම අසාර්ථක බව පෙන්වා තිබෙනවා.

උතුරේ ප්‍රශ්නයට විසඳුමක් දෙනවා කියලා අගමැතිවරයා කරන්නෙ බොරුවක්. මෛත්‍රි - මහින්ද එකතුවකින් තමයි ඒ ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්න පුළුවන් වෙන්නේ. ඒක දෙමළ සන්ධානය තේරුම් ගත යුතුයි.

අය-වැය පරාජය කරන්න අපි එජනිස පාර්ශ්ව සමඟත්, සුළු පක්ෂ සමඟත් සාකච්ඡා කරනවා. රනිල් වික්‍රමසිංහට රට පාලනය කරන්න බැහැ. ඔහු මානසික රෝගියෙක් වගෙයි.

ආර්ථික අර්බුදය නතර කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ වියරුවෙන් මුදල් හම්බ කිරීම නිසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මුදල් අධ්‍යක්ෂ මුදල් අමාත්‍යාංශයේ සිරකරලා.

ඔහුගේ කාලයේ සුරාබදු දෙපාර්තමේන්තුව මාසයකට මිලියන 12-13ක් මුදල් හම්බ කළා. අද 7-8 අඩුවෙලා. දැන් සතියකට එක බැගින් ස්ප්‍රීතු කන්ටේනරයක් හොරාට ගේනවා. ඒක කෝටි 50-60ක බිස්නස් එකක්.