කඩන්න බැරි මිදි වල්ලට පොලුගහන දෙරණ "අරුණ" | Colombocall කඩන්න බැරි මිදි වල්ලට පොලුගහන දෙරණ "අරුණ" - Colombocall

Hot News

කඩන්න බැරි මිදි වල්ලට පොලුගහන දෙරණ "අරුණ"






සති දෙකකට ඉහතදී "දෙරණ" මාධ්‍ය ජාලය විසින් ආරම්භ කරන ලද "අරුණ පුවත්පත" හරහා එම මාධ්‍ය ජාලයට සහ එයට අයත්" ට්‍රයි ඇඩ්" ප්‍රචාරණ සමාගට හිමි නොවූ රාජ්‍ය ආයතන වල ප්‍රචාරණ ව්‍යාපෘති සදහා මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බව වාර්තා වනවා.

දෙරණ , "අරුණ" පුවත්පත සිය මංගල කලාපයේ ප්‍රධාන සිරස්තලය ලෙස පළකල "තෙල් ලාංජනයට රෙදි අන්දන්න කෝටි 300" යන පුවත හරහා ට්‍රයිඇඩ් සමාගමද අයදුම් කල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රචාරන ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබේ. එම ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා අඩුම ලංසුව ඉදිරිපත්කල සමාගමට එම ප්‍රචාරණ ව්‍යාපෘතිය හිමිවී ඇති අතර කෝටි 350ක් ඉක්මවූ ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත්කල "ට්‍රයිඇඩ්" සමාගම ඉන් ඉවත් කිරීමට "ඛනිජ තෙල් නීතිගත සංස්ථාව" තීරණය කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කිපුණු "දෙරණ මාධ්‍ය ජාලය" මෙලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එරෙහිව, මඩ ප්‍රචාරයක් දියත් කරමින් සිටිනවා.

පුවත් පතේ දෙවනි කලාපය හරහා රූපවාහිනි මාධ්‍ය ජාලයේ නිල ලාංජනය වෙනස්කිරීමට යන බවට අභූත චෝදනා එල්ල කරමින් පුවතක් පළකර ඇති අතර එයට හේතුව වනුයේ "දෙරණ" සහ "ජාතික රූපවාහිනිය" අතර වන සීතල යුද්ධය බවද පැවසේ.  තම සහෝදර මාධ්‍ය ජාලයක ප්‍රවර්ධනය උදෙසා සිදු කරනු ලබන අභ්‍යන්තර සංශෝධනයන් පිළිබඳ මෙසේ  ද්වේශ සහගත ලෙස ගෙනහැර දැක්වීම කෙතරම් සදාචාර සම්පන්නද යන්න බොහෝ දෙනෙකුගේ කතිකාව  බවටද පත් වී තිබෙනවා.

ජාතික පුවත්පතක මාධ්‍ය අවකාශය අමු අමුවේ ගණිකා සේවයේ යොදවමින් දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු "දිලිත් ජයවීර"ගේ ව්‍යාපාරික වුවමනාකම් මත සිදුකරන මෙම ජඩ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව වහාම පාඨකයින් ක්‍රියාත්මක විය යුතුය යන්න සමාන්‍ය ජනතාවගේ මතය බවට පත් වී තිබෙනවා.