මහසෝන් බලකායේ අමිත්ට ඇප | Colombocall මහසෝන් බලකායේ අමිත්ට ඇප - Colombocall

Hot News

මහසෝන් බලකායේ අමිත්ට ඇප





මහනුවර ජාතිවාදී ගැටුම් හේතුවෙන් අත්අඩංගුවට ගත්  මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට ඇප නියම කර තිබෙනවා.

අත්අඩංගුවටගෙන මාස 07කට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි මොහුට මෙලෙස ඇප නියම කර ඇත්තේ මහනුවර මහාධිකරණය විසිනුයි.

නීතීඥයින් විසින් ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කළ බවයි මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන සඳහන් කර සිටින්නේ.

පසුගිය මාර්තු මාසයේ ඇතිවූ මෙම ගැටුම් හේතුවෙන් 200කට අධික පිරිසක් පොලිස්භාරයට පත් වූවා.  එම ගැටුම මෙහෙයවූ බවට චෝදනා එල්ල වී තිබුණේ අමිත් වීරසිංහයි.