අගමැති බෙන්ජමින් ඕමානයේ සංචාරයක | Colombocall අගමැති බෙන්ජමින් ඕමානයේ සංචාරයක - Colombocall

Hot News

අගමැති බෙන්ජමින් ඕමානයේ සංචාරයක

ඊශ්‍රායලය ගල්ෆ් කලාපයේ රටවල් සමඟ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු  ගල්ෆ් කලාපයේ රටක් වන ඕමානයේ සංචාරයක නිරත වී තිබේ.
එහිදී ඔහු ඕමානයේ නායක සුල්තාන් කාබූස් (Sultan Qabooso) හමු වී සාකච්ඡා පවත්වා ඇති බවද සඳහන් වේ.
කෙසේ වෙතත් ඊශ්‍රායල් මාධ්‍ය එම පුවත වාර්තා කළේ අගමැතිවරයා සංචාරය නිමවා යළි සිය මව්රටට පැමිණීමෙන් අනතුරුවයි.
ඊශ්‍රායල් අගමැතිවරයා ඕමානයේ සංචාරය කර ඇත්තේ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් එහි සංචාරය කර දින කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.
එම සංචාරය අතරතුර  පලස්තීන ජනාධිපති ඕමාන නායකයා  හමු වී ඇති බවත් වාර්තා වේ.
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඕමාන සංචාරයට එරට බුද්ධි අංශ ප්‍රධානි ජාතික ආරක්ෂක උපදේශක ඇතුළු ජෙය්ෂ්ඨ බලධාරීන් පිරිසක් එක්ව සිටියාය.
මෙහිදී දෙරටේ නායකයින් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය ළඟාකර ගැනීමට  පොදු එකඟතාවක් ඇති කරගැනීම සම්බන්ධයෙන් පවතින ගැටළු වලට අවධානය යොමු කෙරුණි.
ඊශ්‍රායල් නායකයින් මීට පෙර අවස්තාවලද ගල්ෆ් රාජ්‍යයේ සංචාරය කර ඇති බව වාර්තා වේ.
1996 වර්ෂයේදී දිවංගත නායක ෂිමොන් පෙරෙස් අගමැති ධුරයේ කටයුතු කරන සමයේදී  ඕමානයේ සහ කටාර් රාජ්‍යයේ සංචාරය කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම රටවල් ද්විත්වයේම ඊශ්‍රායල් වෙළඳ නියෝජිත කාර්යාල විවෘත කෙරුණි.
මේ වසර මුලදී ජ්‍යෙෂ්ඨ අරාබි බලධාරියෙකු ලෙස ඕමාන  විදේශ කටයුතු අමාත්‍යවරයා අල්-අක්සා මුස්ලිම් දේවස්ථානයේ සංචාරයකද නියැලුනාය.
මෙම සංචාරය ඊශ්‍රායලය  ගල්ෆ් කලාපයේ රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට කටයුතු කරන ලබන බවට ලබාදෙන ඉඟියක්බව විචාරකයින් පෙන්වා දෙයි.