"චමල් රාජපක්ෂ" ජනාධිපතිවරණයට ! වාසුදේව කියයි | Colombocall "චමල් රාජපක්ෂ" ජනාධිපතිවරණයට ! වාසුදේව කියයි - Colombocall

Hot News

"චමල් රාජපක්ෂ" ජනාධිපතිවරණයට ! වාසුදේව කියයි








විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුම පුද්ගලයා "චමල් රාජපක්ෂ" බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ නම් ප්‍රකාශ වන බවත් ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ගන්නා අවසාන තීන්දුවට තමා ඇතුළු ඒකාබද්ධයේ වාමාංශික කණ්ඩායම එකඟ වන බවත් හෙතෙම පැවැසුවේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වනවා නම් ඊට ඡන්ද දායකයා අනුවර්තනය වන ආකාරය ප්‍රථමයෙන් නිරීක්ෂණය කළ යුතු වන අතර වඩා අපහසු කාර්යය වන්නේ ඡන්ද දායකයා හැසිරවීම බවද වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

භාරකාර ආණ්ඩුවක සිහිනය තරමක් අෑතට ගියද මෙවර අය - වැයේදී ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ඇති හැකියාව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා කරමින් සිටින බවත් එය මේ වසරේදී ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් ඒකාබද්ධයට ලැබෙන අවසන් අවස්ථාව විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. හෙතෙම මේ බව පැවැසුවේ ඊයේ (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.