වාහනේ ඉදිරිපස තබා ඇති "බුදුපිළිමය" ඉවත් කරන්න පොලිසියෙන් නියෝගයක් ! | Colombocall වාහනේ ඉදිරිපස තබා ඇති "බුදුපිළිමය" ඉවත් කරන්න පොලිසියෙන් නියෝගයක් ! - Colombocall

Hot News

වාහනේ ඉදිරිපස තබා ඇති "බුදුපිළිමය" ඉවත් කරන්න පොලිසියෙන් නියෝගයක් !








තරුණයකු තම ත්‍රීරෝද රථයේ ඉදිරිපස බුදු පිළිමයක් රඳවා තිබෙන අයුරු දුටු පොලිස් නිලධාරිවරයෙක් එම බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.

බොහෝ වාහන වල ඉදිරිපස කුඩා බුදු පිළිමයක් හෝ වෙනත් තමන් අදහන ආගමක පිළිම රඳවා ඇති අයුරු සුලභව දැකගන්නට තිබෙනවා. නමුත් මෑත කාලීනව බුදු පිළිම තබා ගැනීම පවා අභියෝගයට ලක් වී ඇති බවයි බොහෝ දෙනකු පවසන්නේ.

පසු ගිය දිනක යාපනය විශ්වවිද්‍යාල තුළ බුදු පිළිමයක් තබා ගැනීම නිසා සිසුන් පස් දෙනකුට විශ්වවිද්‍යාලය තහනම් කරනු ලැබූ පුවත් ද දකින්නට තිබුණා.

විදේශ මුදල් හරහා ලාංකීය බෞද්ධ සමාජය ඝට්ටනය කිරීමට පාලකයන්ගේ අනුදැනුම ඇතිව හෝ නැතිව බොහෝ කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වී තිබෙනවා.  සමාජ මාධ්‍ය තුළ "නිරාගමිකයින්" ලෙස පෙනී සිටින කොට්ඨාශය ඒ සඳහා මහත් වූ වැඩ කොටසක් විදේශීය කල්ලිවලට අවශ්‍ය පරිදි සිදු කරමින් තිබෙන බව වාර්ථා වෙනවා.

සල්ලි ලබා දී බඳවාගන්නා ආගම් එමෙන්ම බුදු දහමට නිගරුවන ලෙස හැසිරෙන ඇතැම් චීවරධාරීන් මෙම විදේශ අරමුණු සඳහා චීවර පොරවාගෙන සිටින විදේශ අනුගාමිකයින් බවද සමාජය තුළ කතිකාවත්  පවතිනවා.