එළබෙන වසරේ අයවැය විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට
ලබන්නාවූ වසරට අදාලවන අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙසේ මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම් කොට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. මෙමගින් අමාත්‍යාංශවලට අදාළ මුදල් වෙන් කෙරෙන ආකාරය පිලිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අනුව ලබන නොවැම්බර් පස්වනදා එළබෙන නව වසර සඳහා අයවැය යෝජනාව පාර්ලිමේන්තුව තුල ඉදිරිපත් කෙරෙනු ඇතී.