පළාත් සභා මැතිවරණය ගැන ශ්රීලනිපය කට අරී
පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් සභා මැතිවරණ කල් දැමීම සඳහා තම පක්ෂයට අවශ්‍යතාවයක් නොමැති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා කියා සිටිනවා.
ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා.
මෙම හමුවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර සෙසු සියලූ පක්ෂවල මතය වී ඇති බව කියා සිටියා. මේ පිළිබඳව වැඩි දුර අදහස් දක්වමින් පියසේන ගමගේ මහතා කියා සිටියේ " ජනාධිපතිතුමා ඇතුලු පක්ෂයේ සියලු සාමාජිකයින් කියන්නේ මේ මැතිවරණය කල් දාන්න නෙමෙයි පුළුවන් තරම් ඉක්මණින් තියන්න කියලා. ඔය කියන අපේ තර්කයක් නෑ..අපේ ප්‍රමාදයක් නෑ. " බවයි.