විශාල සොරකමකට දුම් රියේ විදුලි රැහැන් කපමින් සිටි දෙදෙනකු අත් අඩංගුවට ! විස්තරය මෙන්න | Colombocall විශාල සොරකමකට දුම් රියේ විදුලි රැහැන් කපමින් සිටි දෙදෙනකු අත් අඩංගුවට ! විස්තරය මෙන්න - Colombocall

Hot News

විශාල සොරකමකට දුම් රියේ විදුලි රැහැන් කපමින් සිටි දෙදෙනකු අත් අඩංගුවට ! විස්තරය මෙන්න




රත්මලාන සිට වේයන්ගොඩ දක්වා ධාවනය වූ දුම්රියේ විදුලි රැහැන් පද්ධතිය කපමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (09දා) උදෑසන අත්අඩංගුවට ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ සිවිල් ඇඳුමින් රාජකාරි කටයුතුවල නිරත වූ, දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ බවයි.
මෙසේ වයර් කැපීම තුළින් දුම් රියේ විදුළි පංකා මෙන්ම විදුලි බල්බ ද නිවී යාමකට ලක් වන අතර ඇතැම් විටක විශාල සොරකමක් සිදු කිරීමේ අරමුණින් මොවුන් දෙදෙනා මෙසේ සිදු කරන්නට ඇති බව බොහෝ දෙනකු පවසනවා.
මගීන් දස දහසක් දෙනා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවයක ප්‍රධාන පද්ධතියකට මෙසේ හානි සිදු කිරීම බොහෝ දෙනකුගේ දැඩි පිළිකුළට ලක් වී තිබෙනවා.