සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා කම්කරුවන් මර හඬ දෙයි | Colombocall සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා කම්කරුවන් මර හඬ දෙයි - Colombocall

Hot News

සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා කම්කරුවන් මර හඬ දෙයි





මස්කෙළිය ප්‍රදේශයේ කම්කරුවන් පිරිසක් මේ වන විට උද්ගෝෂණයක නිරත වනවා.

මස්කෙළිය, මෝකා තේවතුයායේ කාර්යාලය ඉදිරියේ එම වතුයායේ හා ගාඩ්මෝර් පෞද්ගලික වතුයායේ කම්කරුවන් මෙලෙස උද්ගෝෂණයක නිරත වන්නේ තම දෛනික වැටුප ජීවන වියදමට සරිලන ලෙස අවම වශයෙන් රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා සිටිමින්.

අද(05) පෙරවරු 09.00 ට පමණ මෙම උද්ඝෝෂණය ආරම්බ වූ බවයි වාර්තාවන්නේ.

මෙලෙස සාධාරණ වැටුප් වැඩි කිරීමක් නොකළහොත් අඛණ්ඩ උද්ගෝෂණයක් ඉදිරියට දියත් කරන බව ද මොවුන් වැඩි දුරටත් කියා සිටිනවා. ජාතික කම්කරු සංගමය මඟින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට මස්කෙළිය වැවිලි සමාගමට අයත් මෝකා තේ වතුයායේ කම්කරුවන් හා ගාඩ්මෝර් පෞද්ගලික තේ වතුයායේ කම්කරුවන් 500 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර ඔවුන් පැයක පමණ කාලයක් උද්ඝෝෂණය කිරීමෙන් අනතුරුව තම දෛනික සේවා කටයුතු සඳහා පිටව ගිය බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තාවී තිබෙන්නේ.