''විල්පත්තුව රක්ෂිතයේ එක අඟලක්වත් කපා ඉවත් කරලා නෑ'' - රිෂාඩ් බදියුදීන් | Colombocall ''විල්පත්තුව රක්ෂිතයේ එක අඟලක්වත් කපා ඉවත් කරලා නෑ'' - රිෂාඩ් බදියුදීන් - Colombocall

Hot News

''විල්පත්තුව රක්ෂිතයේ එක අඟලක්වත් කපා ඉවත් කරලා නෑ'' - රිෂාඩ් බදියුදීන්

විල්පත්තුව රක්ෂිතයේ එක අඟලක් වත් කපා ඉවත් කර  හෝ එම රක්ෂිත ප්‍රදේශවල ජනතාව පදිංචිකර නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය  රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
කිසිදු බියක් නොමැතිව තමන්ට එය ප්‍රකාශ කළ හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ මන්නාරම දිස්ත්‍රික්ක පරිසර සමුළුව අමතමිනි.
"විසිවසකට වඩා වැඩි කාලයක් ත්‍රාස්තවාදී ක්‍රියා හේතුවෙන් අනාථ කඳවුරුවලට ජීවත් වු ජනතාව 2009 වසරේ තමන්ගේ ගම්බිම්වලට පැමිනි බවත් එසේ පැමිනි අහිංසක ජනතාව රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂ්ණය යටතේ තමන්ගේ මුල් ඉඩම්වල පදිංචි වු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.මේය ඉවසා ගැනිමට නොහැකි පිරිසක් තමන් විල්පත්තුව කපා විනාශ කර එම ඉඩම්වල ජනාතාවට පදිංචි කරවන බවට චෝදනා කරන  බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.''
මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සොබාදහම රැක ගැනීම වෙනුවෙන් සැකසුණු "පුනරුදය" පරිසර සංරක්ෂ‍ණ ජාතික වැඩසටහන සහ "වනරෝපා" ජාතික රුක්රෝපණ වැඩ සටහනට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම නගර සභා ක්‍රීඩාංගනයේදී මෙම පරිසර සමුළුව පැවැත්විනි.