තෙබුවන සැරයන් යළි සේවයේ ! - ජනපතිගෙන් දිරි දීමනාවක්
අත්අඩංගුවට ගත් වැලි ලොරිය ස්ථානාධිපතිවරයා මුදා හැරීම හේතුවෙන් එයට විරෝධය පල කරමින් වෙඩි තබා ගනිමින් මියෙදෙන බවට කියමින් වර්ජනය කල සිටියදී අත්අඩංගුවට ගත් තෙබුවන පොලිසියේ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන නැවතත් සේවයේ පිහිටුවා තිබෙනවා.
ඒ මහතාගේ වැඩ තහනම් කිරීම් ඉවත් කොට නැවතත් සේවයට වාර්තා කරන ලෙස දැන්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියා.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයන් විසින් එම ක්‍රියාව අගයනු වස් පොලිස් සැරයන්වරයාට රුපියල් ලක්ෂ දහයක මුදලක්ද ප්‍රධානය කිරීමට තීරණය කර තිබෙනවා.