සිංහල මුස්ලිම් කෝළාහලයෙන් හතර දෙනෙක් මැරුණු සිද්ධියකට "තෙඹුවන සැරයන්ට " ආයෙත් උසාවි යන්න වෙයි ! | Colombocall සිංහල මුස්ලිම් කෝළාහලයෙන් හතර දෙනෙක් මැරුණු සිද්ධියකට "තෙඹුවන සැරයන්ට " ආයෙත් උසාවි යන්න වෙයි ! - Colombocall

Hot News

සිංහල මුස්ලිම් කෝළාහලයෙන් හතර දෙනෙක් මැරුණු සිද්ධියකට "තෙඹුවන සැරයන්ට " ආයෙත් උසාවි යන්න වෙයි !







සේවය අත්හිටුවා සිටියදී පොලිස්පතිගේ නියමයෙන් යළි රක්ෂාව ලබා දෙන ලද තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතා හෙට (23දා) දින තවත් නඩුවකට මුහුණ දීමට සිදුව තිබේ.

කළුතර මහාධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතය. "1996 වර්ෂයේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිංහල මුස්ලිම් දෙපිරිසක් අතර ජාතිවාදී කෝලහාලයක් ඇති වෙලා. සිංහල අයත් මුස්ලිම් අයත් එකිනෙකාගේ ව්‍යාපාර ගිනි තබා විනාශ කරන්නට වුණා. සමහරු පෙට්රල් බෝම්බ පවා ගැසුවා. මේ අවස්ථාවේදී පොලිසියේ වගකිවයුතු ජේ‍යෂ්ඨ නිලධාරියකු අපට නියෝග කළා, ජාතිවාදී ගින්දර නිවන්නට අපිට බලය පාවිච්චි කරන්නට කියා. මේ අවස්ථාවේදී 4 දෙනකු මියගියා.

මේ නඩුව එදා ඉඳලා තවමත් අවසන් නැහැ. මම කොටි හිර ගෙදරින් නික්ම ඇවිත් මේ ජාතිවාදී අරගලය නිසා එදත් හිරේ වැටුණා. පසුගිය 3දාත් වැලි ලොරියක් අත්අඩංගුවට ගෙන නිසි ලෙස රාජකාරි කිරීම නිසා හිරේ හිටියා.

වෙට්ටුමකඩ සිද්ධියට පෞද්ගලිකව අතින් වියදම් කරලා තවමත් නඩු කියනවා. නඩු වාරයකට කොහොමත් රුපියල් 20,000ක් විතර වැය වෙනවා. මේ මුදල් වැය වන්නේ පෞද්ගලික දියුණුවට හෝ පෞද්ගලිකව ගත්තු තීරණයක් නිසා නොවේ. මේ 23දා මම ඇතුළු නිලධාරීන් 7 දෙනකු නඩුවට පෙනී සිටිනවා."

යනුවෙන් ප්‍රකාශ කර තිබේ.