එළඹෙන අඟහරුවාදා ජනාධිපතිගෙන් විශේෂ ප්රකාශයක්
ජනපති ඇතුළු ප්රභූ ඝාතන තැත පිළිබඳව පළ වන වාර්තා සම්බන්ධව විශේෂ ප්රකාශයක් සිදු කිරීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා එළඹෙන අඟහරුවාදා කටයුතු කරන බව ආරංචිමාර්ග සඳහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විමර්ශන කඩිනම් කිරීම පිළිබඳවද මෙහිදී ජනපතිවරයා අදහස් දක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.