පොලිස්පති තනතුර පූජිතගෙන් ගැලවෙයි ! නව පොලිස්පති ! | Colombocall පොලිස්පති තනතුර පූජිතගෙන් ගැලවෙයි ! නව පොලිස්පති ! - Colombocall

Hot News

පොලිස්පති තනතුර පූජිතගෙන් ගැලවෙයි ! නව පොලිස්පති !









ආණ්ඩු පෙරළියත් සමග ආමාත්‍යංශ සදහා නව ඇමැතිවරුන් හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත අතර නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්ගේ විශාල වෙනසක් ඇතිවන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

 රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත් කරන්නේ ඇමැතිවරුන්ට හිතවත් පුද්ගලයින් වන අතර හිටපු ඇමැතිවරුන්ට ආණ්ඩු පෙරළියත් සමග තම අමාත්‍යංශ අහිමි වී යනවා. ඒ අනුව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේද විශාල වෙනසක් ඇති වීමට නියමිත බව වාර්තා වෙනවා.

දැනටමත් නව අගමැති ලේඛම්වරයෙක් සහ රජයේ වැඩබලන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වරයෙක්ද පත් කර තිබෙනවා.

ඒ වගේම පොලිස්පති ධූරයෙන් පූජිත් ජයසුන්දර මහතා ඉවත් කොට නව පොලිස්පති වරයෙකු පත් කිරීමට නියමිත බවත්   වාර්තා වෙනවා.

පොලිස්පතිවරයා තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා මීට පෙර හිටපු නීතිය හා සාමය අමාත්‍යවරයාට වාර ගණනාවක්ම දන්වා තිබුණු නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගෙන පොලිස්පති වරයා සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස්පතිවරයා මහනුවර ප්‍රධාන පෙළේ පාසලකින් රුපියල් මිලියන 12ක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනාවක්ද එල්ල වී තිබෙනවා.