දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ සම්බන්ධන් ඇතුළු විපක්ෂයේ තීරණය මෙන්න ! | Colombocall දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ සම්බන්ධන් ඇතුළු විපක්ෂයේ තීරණය මෙන්න ! - Colombocall

Hot News

දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ සම්බන්ධන් ඇතුළු විපක්ෂයේ තීරණය මෙන්න !








අවශ්‍යතාවක් ඇතිවුවහොත් විපක්ෂ නායක ධුරය අත්හැරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතා සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ඒ බව පැවසුවා. පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය මේ වනවිට හොබවනු ලබන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් විසින්. පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමි සභික ධුර ගණන 16ක් වනවා.

 කෙසේවෙතත් සිදු වූ බල පෙරළිය යටතේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවුවහොත් ඔවුන්ගේ සභික ධුර ගණන ඊට වඩා වැඩි වනු ඇති.

ඒ අනුව විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවන බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් පාඩම් ඉගෙන ඇත්නම් මෙම අවස්ථාවේදී කිසිවෙකුටත් සහය නොදැක්විය යුතු බව ඊ. පී. ආර්. එල්. එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඊයේ (30) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීම පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

දෙමළ ජාතික සන්ධානය ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී විවිධ දේශපාලඥයින් සමග කටයුතු කර ඇති බවත් එහෙත් සෑමවිටම සිදු වූයේ දෙමළ ජාතික සන්ධානය රැවටීමකට ලක්වීම බවත් මෙහිදී සිහිපත් කෙරුණා.

උතුරේ දෙමළ වැසියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු කිසිදු ඉල්ලීමකට දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් යහපත් ප්‍රතිචාර නොලැබුණු බවයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රයන් වැඩිදුරටත් පැවසුවේ.