අගමැති රනිල්ගෙන් හර්ෂ ද සිල්වා ට සැර කණේ පහරක් ! විස්තරය මෙන්න | Colombocall අගමැති රනිල්ගෙන් හර්ෂ ද සිල්වා ට සැර කණේ පහරක් ! විස්තරය මෙන්න - Colombocall

Hot News

අගමැති රනිල්ගෙන් හර්ෂ ද සිල්වා ට සැර කණේ පහරක් ! විස්තරය මෙන්න









පසු ගිය දින කිහිපයේම රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබුණේ "රුපියල බාල්දු වීම" පිළිබඳවයි. මෙසේ රුපියල බාල්දු වීම වලක්වා රුපියල ස්ථාවර කිරීමට විදේශ මුදල් ලංකාව තුළට ගලාඒම ශක්තිමත් කල යුතුය.

මේ පිළිබඳ ජනතා කතාබහ තුළදී "ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය" හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර තිබුණේ රුපියල ශක්තිමත් කිරීමට "මහජනතාව රට යාමෙන් වැළකී ඉතා අල්පේච්ච ජීවිතයක් ගත කළ යුතුයි" වැනි අදහසක්.

ඔහු මෙවැනි අදහසක් දරන්නට ඇත්තේ සැබවින්ම ආනයනික භාන්ඩ මිල ඉහළ ගොස් ජනතාවට සිදුවන අපහසුතාව වැලැක්වීමට යැයි ඇතැමුන් ප්‍රකාශ කර සිටියා.

මීට පෙර ද රටේ යම් අර්බුදකාරී තත්වයක් ලෙස දුම් රිය සහ බස් වර්ජනය පැවති අතරතුර තම සුවපහසු ඩිස්කවරි 4 වර්ගයේ අධි සුඛෝපභෝගී රථය තුළින්  අපොස උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් පාසල වෙත ගෙනයමින් රටේ ජනප්‍රිය චරිතයක් බවට ඔහු පත් වුණා.

කෙසේ වෙතත්  මෙම අමාත්‍යවරයාගේ විග්‍රහයන් තඹයකට දු මායිම් නොකර අගමැති රනිල් වික්‍රමසිංහ රට සවාරියකට අද (03) එක්වී තිබෙනවා. මෙහි විශේෂ කරුණ වන්නේ මේ සඳහා හර්ෂ ද සිල්වා සහභාගී කර නොගැනීමයි. නමුත් කාවින්ද ජයවර්ධන, විජිත් විජයමුණි ,හේෂා විතානගේ යන අය සහභාගී වී ඇති බවයි වාර්ථා වෙන්නේ.

ලංකාව සැබෑ අර්බුධකාරී තත්වයක තිබියදී අමාත්‍යවරුන් ඊය ගතයුතු පිළියම් ප්‍රකාශ කර තිබියදී මෙසේ හිතුමතේ රනිල් වික්‍රමසිංහ රට සවාරියක ගොස් සිදු කර ඇත්තේ හර්ෂ ද සිල්වාට මෙන්ම ජනතාවට විශාල කණේ පහරක් ගැසීම බව විද්වතුන් කියා සිටිනවා.